කොළඹ වෙසක් කලාප 07 ක්, තොරණ 10 ක්.

Friday, 24 May 2013 - 19:25

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+07+%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+10+%E0%B6%9A%E0%B7%8A.

අදට යෙදුණු වෙසක් පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් වන්දනාමාන කිරීමට පැමිණි බැතිමතුන්ගෙන් රට පුරා වෙහෙර විහාර පිරී ඉතිරී ගියා. රට පුරා ඉදිවුණු දන්සැල් සංඛ්‍යාවද දහස් ගණනක්.   

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා අද (24) උදෑසන සිට අති විශාල ජනකායක් පැමිණෙමින් සිටින බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සඳහන් කළේ.

[MP3]s59619_1[/MP3]

කළුතර බෝ සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි කියා සිටියේ.

[MP3]s59619_2[/MP3]

අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සහ ඒ අවට ප්‍රදේශයේ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා අනුරාධපුර හිරු වාර්තාකරු උපාලි ආනන්ද.

[MP3]s59619_3[/MP3]

පොළොන්නරුවේ පූජා භූමි ආශ්‍රිතව අද උදෑසන සිට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් රැඳී සිටි බවයි පොළොන්නරුව හිරු වාර්තාකරු රොෂාන් තුෂාර පවසන්නේ.

[MP3]s59619_4[/MP3]

දඹුල්ල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද විශාල ජනකායක් පැමිණි බවයි හිරු දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ.

[MP3]s59619_5[/MP3]

කොළඹ නගරයේ වෙසක් කලාප 7 ක් සහ තොරණ 10 ක් බැතිමතුන්ට දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවනවා. මේ අතර, වෙසක් අසිරිය නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සැල් 500 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ නගරයේ සූදානම් කර ඇති බවයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s59619_6[/MP3]

මේ අතර, කොළඹ නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින්     2000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළඹ නගරයට පැමිණෙන රථ වාහන හැසිරවීම සඳහා රථ වාහන අංශය ද යොදවා ඇති බවයි.

[MP3]s59619_7[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More