වරාය ගුදමේ ගින්න ගැන වෘත්තීය සමිති සැකයෙන්.

Saturday, 25 May 2013 - 19:10

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් මධ්‍යස්ථානයක ඇතිවූ ගින්න සැකසහිත බව වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ කියා සිටියේ එම බහාලූම් මෙහෙයුම් මධ්‍යස්ථානය තුළ සවි කර තිබූ ගිනිනිවීම් උපකරණ ගින්න ඇතිවූ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවීම සැකසහිත බවයි. එමෙන්ම කොළඹ වරායේ ගිනිනිවීම් ඒකකය ගින්න ඇතිවූ ස්ථානයට පැමිණ ඇත්තේ ගින්න හට ගැනීමෙන් විනාඩි 30කට ආසන්න කාලයක් ගතව යාමෙන් පසුව බව ද ඔහු ප්‍රකාශ කළා.

[MP3]s59679[/MP3]

ඊයේ අලූයම මෙම බහාලූම් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර තිබූ භාණ්ඩ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් වරාය අධිකාරිය විසින් ද සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ සහකාර පොලිස් නිලධාරියෙකු යටතේ මෙම පරීක්ෂණ සිදුකෙරෙන බවයි.
 
මේ අතර, ගින්න ඇතිවූ ස්ථානය වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද එම ස්ථානයට ගොස් තිබෙනවා. බහාලූම් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් හානි වූ භාණ්ඩ පිළිබදව තොරතුරු ලබා ගැනීම සඳහා විමසුම් කවුළුවක් ද ස්ථාපනය කර ඇති අතර භාණ්ඩ ආනයනය කළ පුද්ගලයින් 44 දෙනෙකු එම කවුළුව හරහා මේ වන විට කරුණු විමසා තිබෙනවා. කෙසේ වෙතත්, 0112 482 579 යන දුරකථන අංකය හරහා විනාශ වූ භාණ්ඩ පිළිබද තොරතුරු තවදුරටත් කරුණු විමසිය හැකි බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළේ.