මහනුවරදී සිරුරට ගිනි තබාගත් හිමිනම අපවත්වෙයි.

Sunday, 26 May 2013 - 7:44

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් ඊයේ රාත්‍රියේ අපවත්වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්යමණ්ඩලය දැඩි උත්සාහයක නිරතවුණත් දැඩි ලෙස පිළිස්සුම් තුවාල සිදුව තිබීම නිසා එය ව්‍යවර්ථ වූ බවයි.

[MP3]s59693_1[/MP3]

වෙසක් පුර පසළොස්වක පොහෝදා  මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්.

සිරුරට ගිනි තබා ගැනීමට පෙර ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ දන්සැල් විවෘත කිරීමේ උත්සව කටයුතු ආවරණය කරමින් සිටි මහනුවර හිරු වාර්තාකරු කමල් සුරවීර ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට බෝවත්තේ ඉන්දරතන හිමියන් ලිපි දෙකක් ලබාදී තිබුණා. ඉන් එක් ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලියා තිබු අතර, අනෙක් ලිපිය ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකරන ප්‍රකාශයක් ලෙස සටහන් කර තිබුණා. එහි සඳහන් වූයේ මෙවැන්නක්.

[MP3]s59693_2[/MP3]
 
පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වෙන්නේ මනාප 3,664 ක් ලබාගෙන සන්ධාන ලැයිස්තුවේ 07 වන ස්ථානයට පත්වෙමින්. කෙසේ වෙතත්, අවසන් සභාවාර 07 ට සහභාගී නොවීම නිසා උන්වහන්සේගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබුණා.