කුමාර හිරිඹුරේගම කොළඹ සරසවියේ උපකුලපති ධුරයට.

Sunday, 26 May 2013 - 7:48

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ආචාර්ය කුමාර හිරිඹුරේගම පත්කර තිබෙනවා. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගමගේ ස්වාමි පුරුෂයායි. මීට පෙර ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය ලෙස කටයුතු කළ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ලෙස ඇයව පත්කිරීමෙන් අනතුරුව උපකුලපති ධුරය මෙතෙක් පුරප්පාඩුව පැවතියා. ඉන් අනතුරුව උපකුලපති ධුරයට කොළඹ විශ්වවිද්‍යාලයෙන් නම් 3 ක් යෝජනා කර තිබූ අතර මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක, ආචාර්ය කුමාර හිරිඹුරේගම සහ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා එලෙස යෝජනා කර තිබූ තිදෙනායි. විශ්වවිද්‍යාල පාලක සභාවේදී පැවති ඡුන්දයෙන්   මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, ආචාර්ය කුමාර හිරිඹුරේගම සහ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා  ඉදිරියට පැමිණ තිබුණා.

එම නම් ජනාධිපතිවරයා වෙත පසුව යැවුණු අතර ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ආචාර්ය කුමාර හිරිඹුරේගම පත්කර ඇති බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන්කළේ. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත හිමි බලතලවලට අනුව එම පත්කිරීම සිදුකර ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ත්‍රිකුණාමල මණ්ඩපයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s59694[/MP3]