සිංහල රාවය, ගිනි තබා ගත් හිමිනමගේ දේහය ඉල්ලා විරෝධයක.

Sunday, 26 May 2013 - 13:08

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%2C+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A.

සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය ලබා ගැනීම සඳහා ගිය තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කළා. සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය තම සංවිධානයට නොදන්වා රහසේම කහවත්තට රැගෙන ගොස් ඇති බවයි. සිද්ධිය පිළිබඳව උන්වහන්සේ මෙලෙස කරුණු පැහැදිලි කළා.

[MP3]s59715[/MP3]

දේහය පිළිබඳ ආදාහන කටයුතු හෙට සිදු කිරීමට නියමිතව තිබුණේ කහවත්ත - දකුණු පනාවැල්ල -    ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේදියි. සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අපවත්වී වදාළ ඉන්දරතන හිමියන්ගේ දේහයට මුද්‍රා තබා ඇති නිසා මෙලෙස අවසන් කටයුතු කඩිනම් කිරීමට පියවර ගත් බවයි.

ගව ඝාතනය ඇතුලූ කරුණු කිහිපයකට විරෝධය පළකරමින් වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී දළදා මාළිගාව අබියසදී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගත්තා. මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු උන්වහන්සේ ඊයේ රාත්‍රී 8.10ට පමණ අපවත්වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.