වරායේ ගින්න ගැන තවම හෝඩුවාවක් නැහැ.

Sunday, 26 May 2013 - 13:31

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%9D%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.



කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ පෙරේදා අලූයම හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

[MP3]s59722[/MP3]

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හට ගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා පැය කිහිපයක කාලයක් ගත වුණා. 1986 වසරේ ජපාන සමාගමක් විසින් ඉදිකර ඇති මෙය සැලකෙන්නේ කොළඹ වරාය සතු නවීනතම තාක්ෂණයෙන් යුතු ගුදමක් ලෙසයි. මීටර් 200 කට පමණ දිගකින් යුත් මෙම ගුදම තුළ ගින්න ඇති වන අවස්ථාවේ රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන්, පාවහන් වැනි භාණ්ඩ රැසක් ගබඩා කර තිබුණා.