TNA ස්ථාවරය උතුරේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව.

Sunday, 26 May 2013 - 19:07

TNA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80.

උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තම ස්ථාවරය රජය මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු සිදුකරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක, ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය ද්‍රවිඩ සන්ධාන දිස්ත්‍රික් කමිටු රැස්වීමට අද (26) එක්වෙමින්.

[MP3]s59732_1[/MP3]

උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ දිගින් දිගටම විරෝධය පළ කරනවා. විදේශ බලපෑම් මත උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට එරෙහිව පාරට බැසීමට වුවද තම පක්ෂය සූදානම්  බවයි  ජාතික හෙළ උරුමය සඳහන් කරන්නේ. පසුගිය දා කොළඹ පැවැති සමුළුවකදී ඒ පිළිබදව අදහස් දැක්වූ ජාතික හෙල උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.

[MP3]s59732_2[/MP3]

මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ  නායක අමාත්‍ය විමල් වීරවංශ  ද මීට පෙර ප්‍රකාශ කළා.
 
[MP3]s59732_3[/MP3]