නිළ සංචාරයක් සඳහා ජනපති අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යයි.

Sunday, 26 May 2013 - 19:09

%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සිව් දින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම නිළ සංචාරයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම සංචාරයේ ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පවත්වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. ආර්ථික, වෙළෙද සහ ආයෝජන පිළිබදව දෙරට අතර අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ තවත් අරමුණක්. මීට අමතරව චීනයේ පැවැත්වීමට නියමිත ගෝලීය සේවා සංසදයට සහ ආසියානු දේශපාලන පක්ෂ සමුළු සැසිවාරයන්ට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.