හිරු උත්තම ධාතු වන්දනාවට අදත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කිරිවෙහෙර පුදබිමට.

Sunday, 26 May 2013 - 19:18

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි. කපිල වස්තුපුර සර්වඥ ධාතූන් වැඳ පුදා ගැනීම සඳහා මේ වනවිටත් අති විශාල බැතිමතුන් පිරිසක් කතරගම කිරිවෙහෙර පූජා භූමියට පැමිණ සිටිනවා.

ඊයේ (25) දිනයේද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ වැදපුදා ගත්තා.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ විශේෂ පීඨිකාවේ ඊයේ (25) අළුයම තැන්පත් කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්. පසුව, සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨපරිස්කාර, චීවර, ගිලන්පස ඇතුළු සියලූ දෙයින් සපිරි බුද්ධ පූජාව පූජා කෙරුණු අතර එම කටයුතු ඊයේ පස්වරුවේ මෙන්ම අද (26) පෙරවරුවේද සිදු  කෙරුණා. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මේ වනවිටත් කිරි වෙහෙර පුදබිමේ සිට සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුඳා ගනිමින් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්. - සුදේව හෙට්ටිආරච්චි.

[MP3]s59735_1[/MP3]

හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී තමන් වෙනුවෙන් සිදුකළ මේ මහා පුණ්‍ය කටයුත්ත පිළිබඳව කිරිවෙහෙර පුදබිමට පැමිණි බැතිමතුන් මෙලෙස සිය අදහස් පළ කළා.
 
[MP3]s59735_2[/MP3]



ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More

මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More