ජනපති චීනයට ළගා වේ.

Monday, 27 May 2013 - 13:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A.


සිව් දින නිළ සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට බීජිං අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත අද (27) උදෑසන ළගා වුණා. ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත් වූ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස බීජිං ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවේ එරට උප විදේශ කටයුතු අමාත්‍ය ලියු ෂෙන්මින් විසින්. එම අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩද එක්ව සිටියා. ජනාධිපතිවරයා චීනයේ රැදී සිටින කාලය තුළ ද්වීපාර්ශවික හමු කිහිපයකට සහභාගි වනු ඇති. ඊට අමතරව ෂැංෂි ප්‍රාන්තයේ පැවැත්වෙන 2013 ආසියානු දේශපාලන පක්ෂ අන්තර්ජාතික සමුළුවේ විශේෂ සැසියකට ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුවේ තේමාව වන්නේ හරිත සංවර්ධන ප්‍රවර්ධනය සහ සුන්දර ආසියාවක් ගොඩනැගීම යන්නයි. එමෙන්ම, ජනාධිපතිවරයා සිය සංචාරයේදී ගෝලීය සේවා සමුළුවේ - බීජිං නායක හමුවේ සමාරම්භක අවස්ථාවට ද එක්වනවා.



මිරිස්ස ධීවර වරාය අසළ වෙඩි තැබීමක්
Saturday, 30 May 2020 - 9:58

වැලිගම - මිරිස්ස ධීවර වරාය ආසන්නයේ දී අද පෙරවරුවේ සිදුවූ වෙඩි... Read More

ඉන්දියාවේ කොරෝනා අසාදිතයින් සහ මරණ නැවතත් වාර්තාගත ලෙස ඉහළට
Saturday, 30 May 2020 - 9:37

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා අසාදිතයන්... Read More

ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් 173ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 9:30

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය... Read More