මවක් දරු දෙදෙනෙකු සමග කලපුවකට පනී.

Monday, 27 May 2013 - 18:42

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.

වාලච්චේන - මීරාඔඬේ කලපුවට සිය දරුවන් දෙදෙනා සමග පැන මවක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද (27) වාර්තා වුණා. මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ වාලච්චේන - එල්.ඒ. වීදිය ප්‍රදේශයේ පදිංචි මවක්. අද (27) උදෑසන මෙම මව දරුවන් දෙදෙනා රැගෙන මීරා ඕඬේ කලපුවට පැන ඇති අතර එහිදී දරුවන් දෙදෙනා මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 3ක් සහ 6ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනෙක්. සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ මව මේ වන විට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. පවුල් ආරවුලක් මත මෙලෙස ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.

 

වව්නියාව - තාන්ඩිකුලම් ප්‍රදේශයේ මවක් විසින් තම දියණියන් තුන් දෙනා ළිඳකට දමා තමන්ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් ද මීට පෙර වාර්තා වුණා. එහිදී දැරියන් තුන්දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර මව ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.

 

මේ අතර, ජා-ඇල - ගනේමුල්ල ප්‍රධාන මාර්ගයේ යක්කඩුව - වේල්ල ඇල අසළ දමා ගිය බිළිදු මළ සිරුරක් අද (27) උදෑසන හමුව තිබෙනවා. ජාඇල පොලීසිය සඳහන් කළේ මසක් පමණ වයසැති මෙම බිළින්දාගේ මළ සිරුර බෑගයක දමා මාර්ගය අසල දමා ගොස් තිබියදී පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව සොයා ගත් බවයි. දරුවාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

මෑතකදී වාර්තා වූ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහගෙන් විමසීමක් කළා.

 
[MP3]s59795[/MP3]    



උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More