ඉන්දරත්න හිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට.

Monday, 27 May 2013 - 19:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) පස්වරු 3 ට පොරෝනුව - පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව පොරෝනුව - ශ්‍රී සුගත විහාරයේ දායක සභාවේ භාණ්ඩාගාරික ජගත් ආනන්ද සඳහන් කළා. ඔහු කියා සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අනුව බවයි.

 

[MP3]s59802_1[/MP3]                                                                    

 

පොලිසිය විසින් මාළිගාකන්ද අධිකරණයෙන් ලබාගත් නියෝජගයකට අනුව අපවත් වූ හිමියන්ගේ දේහය පොරෝනුව ශ්‍රී සුගත විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පැල්මඩුල්ලේ වජිරඥාන හිමියන්ට භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව හිමියන්ගේ ආදාහන කටයුතු පොරෝනුව - පොදු ක්‍රීඩාංගනයේදී පවත්වන ලෙස ද එම නියෝගයේ සඳහන්.

 

සිරුරට ගිනි තබා ගැනීමෙන් පසු, අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පොරෝනුව - ශ්‍රී සුගත විහාරයට පැමිණෙමින් සිටින බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා. එමෙන්ම අද (27) දිනයේ කහවත්ත නගරයේ සුරාසැල් සහ ගව මස් අලෙවිසැල් වසා දමා ඇති අතර, නගරයේ ද කහකොඩි වලින් සරසා තිබුණා. එමෙන්ම නගරයේ සහ විහාරස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බවයි කහවත්ත හිරු වාර්තාකරු ලසන්ත නිරෝෂන් සදහන් කළේ.

 

[MP3]s59802_2[/MP3]                                                                             

 

සිංහල රාවය සංවිධානය කියා සිටියේ හෙට (28) දිනයේ කහවත්ත ප්‍රදේශයේ දී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්වය පැවැත්වීමට තම සංවිධානය බලවත් විරෝධය පළ කරන බවයි. එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික තිළිණ රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඉන්දරතන හිමියන්ගේ දේහයට අද (27) අවසන් ගෞරව දැක්වූ බවයි.

 

[MP3]s59802_3[/MP3]                                                                    

 

බොදුබල සේනා සංවිධානය සහ ජාතික හෙළ උරුමය එක්ව පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගත් දළදා මාළිගාව ඉදිරිපිට අද (27) අධිෂ්ඨාන පූජාවක නිරත වුණා. ඉන් අනතුරුව අපවත් වූ ඉන්දරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමක් ද එහිදී සිදුවුණා. පසුව එම ස්ථානයේ පැවැති හමුවකදී අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක පූජ්‍ය ලියවෙල ශාසනරතන හිමියන් මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s59802_4[/MP3]       



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More