සුවහසක් බොදුනුවන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලූ හිරු උත්තම ධාතු වන්දනා පූජෝත්සවය නිමා වෙයි.

Tuesday, 28 May 2013 - 7:37

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B6%BD%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


 

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාව කිරි වෙහෙර පුද බිමේදී ඊයේ (27) අලූයම නිමාවට පත්වුණා.  එහිදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සර්වඥ ධාතූන් වැඳපුදාගත් බවයි එහි සිටින අප නියෝජිතයන් ප්‍රකාශ කළේ. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා දින දෙකක් පුරා කතරගම කිරි වෙහෙර පුදබිමේදී බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු අතර සර්වඥ ධාතූන් වහන්සේලා ඊයේ (27) අලූයම කිරිවෙහෙර පුද බිමෙන්  යළි වස්කඩුව - ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීම ආරම්භ වුණා. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරන මාර්ගයේ තවත් විහාරස්ථාන 3 කදී ධාතු ප්‍රදර්ශනය සිදුකෙරෙනු අතර ඊට දස දහස් ගණනක් බැතිමතුන් එක්ව සිටීම ද විශේෂත්වයක්. සර්වඥ ධාතූන් වහන්සේලා ඊයේ පස්වරුවේ ගාල්ල - කච්චිවත්ත පුරාණ රජමහා විහාරස්ථානයට වැඩම කළ අතර ඉන් අනතුරුව කළුතර බෝධීන් වහන්සේ අභියසට වැඩම කිරීමෙන් අනතුරුව එහි බැතිමතුන්ට වැද පුදා ගැනීම සදහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ලැබුවා. කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ඊයේ (27) පස්වරුවේ ගාල්ල - කච්චිවත්ත පුරාණ විහාරස්ථානය වෙත වැඩම කරවූවා. ඊයේ (27) රාත්‍රියේ දී කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වස්කඩුව  ශ්‍රී සුභූති විහාරස්ථානයේ යළි තැන්පත් කරනු ලැබුවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු ගෙන එන හිරු විශේෂ වාර්තාකරු රනුක ජීවන්ත.

rn

[MP3]s59813[/MP3]



මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More