යටත්විජිත පාලනයෙන් උරුම වූ සංවර්ධන රටාව ශ්‍රී ලංකාව වෙනස් කළා. - ජනපති.

Tuesday, 28 May 2013 - 12:59

%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

යටත් විජිත පාලනයෙන් උරුම වූ සංවර්ධන රටාව ශ්‍රී ලංකාව විසින් මුළුමනින්ම වෙනස් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිව් දින නිළ සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ජනාධිපතිවරයා සහ චීන එක්සිම් බැංකුවේ සභාපති ලි රු ඕගු අද (28) පෙරවරුවේ පැවැති හමුවේ දී මේ බව ප්‍රකාශ වුණා. ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා එක්සිම් බැංකුව ලබාදෙන සහයෝගය පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තූතිය පළ කර තිබෙනවා.

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රජය සැලසුම් කර ඇති අනාගත සංවර්ධන යෝජනා සදහා ද එක්සිම් බැංකුවේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. ඊට පිළිතුරු ලබාදෙමින් එක්සිම් බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබදව ද තමන් සෑහීමකට පත්වන බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සංවර්ධන ආධාර ලබාදෙන බවට චීන එක්සිම් බැංකු සභාපතිවරයා මෙහිදී සහතික වී තිබෙනවා.

 
ගතවූ වසර 7 තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන යෝජනා ක්‍රම 37කට චීන එක්සිම් බැංකුවේ මූල්‍යාධාර ලැබී තිබෙනවා. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සහ දකුණු කොළඹ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. චීන එක්සිම් බැංකුව සැලකෙන්නේ විදේශ සංවර්ධන ආධාර මෙහෙයුම් භාර චීන රජයේ ප්‍රධානතම මූල්‍යය ආයතනය ලෙසයි.