සුළි කුණාටුවලට යක්ෂ නම්.

Tuesday, 28 May 2013 - 18:52

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පසුගිය දා බලපෑ සුළි කුණාටුව ‘‘මහසෙන්’’ යනුවෙන් නම් කිරීම පිළිබදව ජාතියෙන් සමාව අයැද සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි ලේකම් සිත්ති මරීනා මොහොමඞ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ වනවිට ඉන්දියානු සාගර කලාපයේ සුළි කුණාටු සඳහා ශ්‍රී ලංකාව ලබාදී ඇති නම් ලැයිස්තුව වෙනස් කරන බවයි.

මෙම සුළි කුණාටුවට රටේ වාරි කර්මාන්තය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් කළ මහසෙන් වැනි නමක් යෙදීම ගැන විවිධ සංවිධානවලින් දැඩි විරෝධයක් පළවුණා. ඒ පිළිබඳව පළමුව විරෝධය පළ කළේ උතුරුමැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය සිරිකෙත සිරිසිවලී නායක හිමියන්.

[MP3]s59854_1[/MP3]                          

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් කියා සිටියේ උතුරු ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන සුළි කුණාටු සදහා නම් 2000- 2001 වසරවලදී සුළි කුණාටු අනු මණ්ඩලය වෙත ලබාදී තිබූ බවයි. ශ්‍රී ලංකාව ද නම් 23ක් සුළි කුණාටු අනු මණ්ඩලය වෙත ලබාදී තිබූ බවත්, පසුගිය දා ඇති වූ සුළි කුණාටුව මහසෙන් ලෙස නම් කෙරුණේ ඒ අනුව බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ පිළිබඳව ඔහු සිය කණගාටුව පළ කළේ මෙලෙසයි.

[MP3]s59854_2[/MP3]                                                                    

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය,  ඕමානය, පාකිස්තානය සහ තායිලන්තය මෙම ඉන්දියානු සාගර කලාපයේ සුළි කුණාටු සඳහා නම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් ලබාදී ඇත්තේ මාලා, රශ්මි, බන්දු, මහසෙන්, ප්‍රියා, ආසිරි, ගිගුම් සහ සොබා යන නම් අටයි. 2006 දී ශ්‍රී ලංකාවෙන් යෝජනා වූ මාලා නම සුළි කුණාටුවකට යොදා ගත්තා. 2008 දී රශ්මි යන නමත්, 2010 දී බන්දු යන නාමයත් එසේ සුළි කුණාටු සඳහා යොදාගත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ නාමයන්.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් ප්‍රකාශ කළේ මෙම නම් ලැයිස්තුව වෙනස් කරන බවයි. එය අවලංගු කර මහාචාර්ය ජේ.බී. දිසානායක වැනි විද්වතුන්ගේ සහයෙන් නව සුළි කුණාටු නාම ලේඛනයක් සකස් කරන බව ඇය කියා සිටියා.

[MP3]s59854_3[/MP3]               

ඒ අනුව අප මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ජේ.බී. දිසානායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සුළි කුණාටු සඳහා යක්ෂයන් වැනි විනාශකාරී කටයුතු කරන අයවළුන්ගේ නම් යෙදීම සුදුසු බවයි.
 
[MP3]s59854_4[/MP3]