ජනපති, චීන ජනපති හමුවේ.

Tuesday, 28 May 2013 - 19:14

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

සිව් දින නිළ සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට ජනාධිපති ෂී ජින් පින් මුණ ගැසුණා. බීජිං අගනුවර පැවති එම හමුවේදී දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අදාළ කරුණු රැසක් සාකච්ඡා කර තිබෙනවා.

ඊයේ චීනයේ බීජිං නුවරට ළඟා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බීජිං ලිංගුවාන් විහාරස්ථානයද වැඳපුඳාගත්තා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ චීනය සහ ශ්‍රී ලංකාව අතර බුදු දහම සමග බැඳුණු ශක්තිමත් බැඳීමක් පවතින බවයි.

[MP3]s59857[/MP3]

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ චීන එක්සිම් බැංකුවේ සභාපතිවරයාද හමුවුණා. එක්සිම් බැංකුව චීන රජයේ විදේශ ආධාර භාර ප්‍රධානතම මූල්‍ය ආයතනයයි.