සිරියාවට රුසියාවෙන් යුද ආධාර.

Wednesday, 29 May 2013 - 8:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB.

සිරියාවට එස් - 300 වර්ගයේ ගුවන් යානා මිසයිල ලබාදීමට සූදානම් බව රුසියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියානු රජය ස්ථාවර මට්ටමකට පත් කිරීම සඳහා මෙලෙස එස් - 300 වර්ගයේ ගුවන් යානා මිසයිල ලබාදීමට රුසියාව අපේක්ෂා කරන බවයි. ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් දිගින් දිගටම සිරියානු රජයට එරෙහිව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධය පළ කර තිබෙනවා. විශේෂයෙන් සිරියානු රජයට එරෙහිව අභ්‍යන්තර ගැටුම් වලට මැදිහත් වී සිටින කැරළිකරුවන්ට ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් ලබාදෙන සහයෝගය රුසියාව විසින් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම වාතාවරණය තුළ සිරියානු රජයේ ශක්තිය වැඩි කිරීම සඳහා මෙලෙස සහයෝගය ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇති බව සදහන්.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More