උතුරු අධිවේගී මාර්ගයට චීන ආධාර.

Wednesday, 29 May 2013 - 7:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB.

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් ප්‍රකාශ කළා. ඒ, සිව් දින නිළ සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) හමුවූ අවස්ථාවේදියි. කොළඹ - යාපනය අධිවේගී මාර්ගයේ කොටසක් ලෙස කොළඹ - මහනුවර - කුරුණෑගල අධිවේගී මාර්ගය ඉදිකිරීමට සහ දක්ෂිණ අධිවේගී මාර්ගය කතරගම දක්වා පුළුල් කිරීමටද චීන රජය ආධාර සපයන බවයි මෙහිදී චීන ජනාධිපතිවරයා කියා සිටියේ. චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන නිරන්තර සහයෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කළා.

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හත්වතාවක් චීනයට පැමිණීම දෙරට අතර පවතිනා සබඳතාවයන්හි ශක්තිමත් භාවයට නිදර්ශනයක් ලෙසයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. නව අධිවේගී මාර්ග සහ ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට තවදුරටත් ආධාර ලබාදෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකරගැනීම සඳහා කමිටු දෙකක් පිහිටුවීමේ ගිවිසුමකටද ශ්‍රී ලංකාව සහ චීනය ඊයේ (28) අත්සන් තැබුවා.

 

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා මේ මොහොතේ අප සම්බන්ධ කර ගන්නවා චීනයේ බීජිං නුවර සිටින ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත්.

 
[MP3]s59880[/MP3]