සපුගස්කන්ද යළි වැඩ අරඹයි.

Wednesday, 29 May 2013 - 7:40

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92.

තාවකාලිකව වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු යලි ආරම්භ කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊයේ (28) සවස සිට සාමාන්‍ය පරිදි පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ බවයි. පිරිපහදු කටයුතු සදහා අවශ්‍ය බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පසුගිය 16 වන දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා.

 

[MP3]s59883_1[/MP3]

 

මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වැසීම පිටුපස එය විකුණා දැමීමේ බලාපොරොත්තුවක් රජයට ඇත්දැයි සැක පළවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

 
[MP3]s59883_2[/MP3]