ඇමති ආතාවුද ඇතුළු 19 කට එරෙහිව නඩු.

Wednesday, 29 May 2013 - 12:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+19+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකුට එරෙහිව නීතිපති උපදෙස් මත, වරකාපොල පොලිසිය විසින් නඩු පවරා තිබෙනවා. වරකාපොල ප්‍රධාන මහේස්ත්‍රාත් අවන්ත ලක්මාල් වික්‍රමසූරිය හමුවේ අද මෙලෙස නඩු පවරනු ලැබුවේ වරකාපොල - කොහොඹදෙණිය පානීය ජල ව්‍යාපෘතියට හානි සිදුකර රුපියල් ලක්ෂ 10 කට වැඩි අලාභයක් සිදුකිරීම ඇතුලූ චෝදනා 4 ක් මුල් කර ගනිමින්. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකාකර ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුගේ නීතීඥයින් අධිකරණයට දැනුම්දී සිටියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය සේවාදායකයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි. ඒ පිළිබඳ තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තාවක් ද අමාත්‍යවරයාගේ නීතීඥයින් අධිකරණයට ඉදිරිපත් කළා. ආතාවුද සෙනෙවිරත්න අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 19 දෙනාට චෝදනා පත්‍ර කියවා දීම, ජූලි මස 5 වැනිදා සිදුකරන බවත්, එදිනට සියලූ විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්, මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.