පෞද්ගලික බස් සේවකයන්ගේ යහගුණ වැඩි කරන්නේ කෙසේද?

Wednesday, 29 May 2013 - 19:45

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%84%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%3F

පෞද්ගලික බස් රථයක් තුළදී හිමිනමකට පහරදී ඉවතට ඇද දැමූ එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අද එම හිමිනම ඉදිරියේ වැඳ වැටී සමාව ලබාගත්තා. මෙම සිද්ධියත් සමගම පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සේවා ප්‍රමිතිය පිළිබඳ සාකච්ඡාව යළි මතුවී තිබෙනවා.

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට ගොඩගම - කෙටේතැන්න ප්‍රදේශයේදී ගොඩවූ අවස්ථාවේදී පසුගියදා මෙම සිදුවීමට මුහුණපා තිබුණේ පූජ්‍ය සෙවණගල - ඥානවිමල නමැති හිමිනමක්. සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා රාවණා බලය සංවිධානය බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර, අද යළිත් වරක් එම සංවිධානයේ ස්වාමින් වහන්සේලා එම අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළා. එම අවස්ථාවට අදාළ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ද පැමිණ සිටි අතර, එහිදී එම හිමිනමගෙන් ඔවුන් වැඳ සමාව ගත්තා. ඉන් අනතුරුව, මාධ්‍ය වෙත සිද්ධියට මුහුණපෑ සෙවනගල ඥානවිමල හිමියන් ද අදහස් දැක්වූ අතර, රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද ඊට මැදිහත් වුණා. මේ එහිදී උන්වහන්සේලා දැක්වූ අදහස්.

[MP3]s59931_1[/MP3]                    

පෞද්ගලික බස් රථ සේවකයන්ගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහස්.

[MP3]s59931_2[/MP3]  

අප මේ පිළිබඳව බස් සංගම් දක්වන අදහස් පිළිබඳවද අවධානය යොමු කළා. පෞද්ගලික බස් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහල නැංවීම සඳහා විද්වත් මණ්ඩලයකින් සැදුම්ලත් කමිටුවක් නිර්මාණය කළ යුතු බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ.

[MP3]s59931_3[/MP3]               

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති  ගැමුණු විජේරත්න ඉදිරිපත් කරන්නේ මෙවැනි යෝජනාවක්.

[MP3]s59931_4[/MP3]            

පෞද්ගලික බස් රථ සේවකයන්ගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායකගෙන්ද විමසීමක් කළා.   

[MP3]s59931_5[/MP3]