ජනපති ආසියානු දේශපාලන පක්ෂ සමුළුව අද අමතයි.

Thursday, 30 May 2013 - 7:52

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවට වාසි සැළසෙන අයුරින් වෙළඳ ශේෂය නිවැරදි කිරීමට චීන අගමැති ලී කෙකියෑංග් ප්‍රතිඥා ලබාදී තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (29) චීන මහජන ශාලාවේදී පැවැත්වූ ද්විපාර්ශවික හමුවේදී මේ බව සඳහන් කර තිබෙනවා. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ද්විපාර්ශවික ගිවිසුම්වල අන්තර්ගත සංවර්ධන ව්‍යාපෘති ඉහළම ප්‍රමිතියට අනුව නිම කිරීමට චීනය කැපවන බව එහිදි චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑංග් ප්‍රකාශ කළ බවයි.

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන නිල සංචාරයේ සිව් වන දිනය අදයි. ජනාධිපතිවරයා අද දිනයේ ආසියානු දේශපාලන පක්ෂ 2013 විශේෂ සමුළුවට සහභාගිවීමට නියමිතයි. එහිදී ජනාධිපතිවරයා විශේෂ දේශනයක් ද පවත්වනු ඇති. ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප මේ මොහොතේ සම්බන්ධ කර ගන්නවා චීනයේ - බීජිං නුවර සිටින ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයනාන්ද හේරත්.

 

[MP3]s59938[/MP3]