එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි.

Thursday, 30 May 2013 - 7:54

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, වෛද්‍ය ජයලත් ජයවර්ධන අද අලූයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හිරු  ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සනාථ කළා. පසුගිය කාලයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ සිංගප්පූරු රෝහලකටයි. මියයන විට 59 වන වියේ පසු වූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1994 වසරේදීයි. 2002 - 2004 එක්සත් ජාතික පක්ෂ රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍යවරයා ලෙස ද දොස්තර ජයලත් ජයවර්ධන කටයුතු කළා. වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන දොස්තර ජයලත් ජයවර්ධන මියයන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා සහ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.