පකිස්ථාන තලෙයිබාන් නියෝජ්‍ය නායකයා මරුට.

Thursday, 30 May 2013 - 7:59

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

පාකිස්ථානයේ ක්‍රියාත්මක වන තලෙයිබාන් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තලෙයිබාන් නියෝජ්‍ය ප්‍රධානියා සැඟව සිටි පාකිස්ථානයේ උතුරු - වසිරිස්ථාන් ප්‍රදේශයේ ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලිවූර් රෙහෙමාන් නමැත්තෙකු බව සඳහන්. පසුගියදා, ඇමෙරිකානු රජය විසින් මොහු පිළිබඳ තොරතුරක් සපයන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදල් පරිත්‍යාගයක් සිදුකරන බවට ප්‍රකාශයට පත් කර තිබුණා. පාකිස්ථානයේ ක්‍රියාත්මක වන තලෙයිබාන් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙලෙස ජීවිතක්ෂයට පත්වීම තලෙයිබාන් සංවිධානයේ විශාල පසුබෑමක් වනු ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.