ගැටලූවට විසඳුම ව්‍යවස්ථාව නොවේ. - ජවිපෙ කියයි.

Thursday, 30 May 2013 - 8:02

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

රටේ මතුවී තිබෙන ගැටළුවලට ප්‍රධාන හේතුව ව්‍යවස්ථාව නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දේශපාලන පක්ෂ කිහිපයක් ව්‍යවස්ථා සංශෝධනයක් පිලිබඳව විවිධ යෝජනා ඇතුළත් කරමින් කෙටුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.

 

මේ අතර, ජාතික හෙළ උරුමය 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ.

 

[MP3]s59945_1[/MP3]

 

මේ අතර, විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රාජ්‍ය පාලකයා සඳහා විකල්ප ක්‍රමවේද 3 ක් හඳුන්වා දෙමින් එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඊයේ ප්‍රසිද්ධියට පත් කළා.

 

මෙම කරුණු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකගෙන් කළ විමසීමකදී ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 

[MP3]s59945_2[/MP3]