වසර 23 ක් විනිසුරුවරුන් 14 දෙනෙකු යටතේ විභාග වූ නඩුවක්.

Thursday, 30 May 2013 - 12:57

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



ඉන්දියන් සාම සාධක හමුදාව මෙරට රැඳී සිටි කාල සීමාව තුළ සාම සාධක හමුදා භටයන්ට ප්‍රමිතියෙන් තොර ටින් කරන ලද ආහාර සැපයූ ඉන්දීය හමුදාවේ හිටපු උසස් නිලධාරින් දෙදෙනෙකුට ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යාංශය විසින් සිර දඩුවම් නියම කර තිබෙනවා. ඉන්දීය හමුදාවේ එවකට සිටි ජනරාල්වරයෙකුට සහ මේජර් ජනරාල්වරයෙකුට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බව සඳහන්.

 
1987 වර්ෂයේ දී මෙම හමුදා නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ තනි කැමැත්ත මත ඉන්දියාවේ පෞද්ගලික සමාගමකින් මෙලෙස ප්‍රමිතියෙන් තොර ටින් කරන ලද ආහාර මිලදී ගෙන මෙරට සිටි සාම සාධක භටයන්ට එවා ඇති බව සඳහන්.  ඒ සම්බන්ධයෙන් 1990 වර්ෂයේදී ඉන්දීය මධ්‍යම බුද්ධි කාර්යාංශයේ විශේෂ අධිකරණයක මෙම නඩුව ගොනුකර තිබුණා. වසර 23 කට පසුව මෙම නඩුවෙහි තීන්දුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්වී තිබුණා. එම තීන්දුවට අනුව අදාළ හිටපු ඉන්දීය හමුදා නිලධාරින් දෙදෙනාට වසර දෙකහමාර බැගින් සිර දඩුවම් නියම කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙම නඩුව පසුගිය වසර 23 ක කාල සීමාව තුළ විනිසුරුවරුන් 14 දෙනෙකු යටතේ විභාගවී තිබීමද විශේෂත්වයක්. ඊයේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ මෙම නඩුව විභාග කළ විනිසුරු කේ. පරමරාජ් විසින්.