ජා. නි. පෙ.න් 13 ජනතාව අතරට.

Thursday, 30 May 2013 - 13:06

%E0%B6%A2%E0%B7%8F.+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B4%E0%B7%99.%E0%B6%B1%E0%B7%8A++13+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7.



උතුරු - නැගෙනහිර අවතැන්වූවන්ට ඡන්ද බලය හිමිවන ලෙස මැතිවරණ පනත සංශෝධනය කිරීමට රජය සැරසෙනවා. ඒ අනුව 1980 අංක 41 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් ජූනි මස 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. උතුරු සහ නැගෙනහිර පළාත්වලින් අවතැන්ව ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට නොහැකිවූ පුද්ගලයින්ට අතිරේක ඡන්ද ලැයිස්තුවක් හරහා ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වීමට මෙමගින් හැකිවන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙරට ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වන පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහන හෙට්ටිආරච්චි සඳහන් කළේ එම ක්‍රියාමාර්ගය විනිවිද භාවයකින් සිදුකළ යුතු බවයි.

[MP3]s59966_1[/MP3]

උතුරු පළාතේ සිට අවතැන්වී දැනට ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල තාවකාලිකව වෙසෙන පුද්ගලයින්ට ඡන්ද හිමි පුරවැසියන් ලෙස ලියාපදිංචිවීමට හැකිවන ලෙස ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ලබන මස 3 වැනිදා සිට 12 වැනිදා දක්වා රට පුරා ජනතාව දැනුවත් කරමින් අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේ බලතල යටතේ රට බෙදීම වැළැක්වීම සඳහා  ඕනෑම ක්‍රියාමාර්ගයක් තම පක්ෂය ගන්නා බවයි.

[MP3]s59966_2[/MP3]

මේ අතර, ජාතික හෙළ උරුමය 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ.

 [MP3]s59966_3[/MP3]