මන්ත්‍රී ජයලත්ගෙන් හිස්වූ අසුනට අජිත් මාන්නප්පෙරුම.

Thursday, 30 May 2013 - 13:13

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ අභාවයෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා මීලඟට පත්වීමට නියමිතව ඇත්තේ පළාත් සභා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමයි. ඔහු පසුගිය මහ මැතිවරණයේදී ඡුන්ද 44812 ක් ලබාගත්තා. බස්නාහිර පලාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අජිත් මාන්නප්පෙරුම මීට පෙර ගම්පහ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, වෛද්‍ය ජයලත් ජයවර්ධන අද අලූයම අභාවප්‍රාප්ත වුණා. ඒ, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි. පසුගිය කාලයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ සිංගප්පූරු රෝහලකටයි. මියයන විට 59 වන වියේ පසු වූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1994 වසරේදීයි. ඒ, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. ජාඇල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධන 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර බලයට පත් 2002 - 2004 එක්සත් ජාතික පක්ෂ රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.

වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන දොස්තර ජයලත් ජයවර්ධන කලක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පවුලේ වෛද්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.  මියයන විට එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන සංවිධයකවරයා ලෙස කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධන එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා සහ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වනවා. ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා.

මාධ්‍යයට සමීපව කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධන පසුගියදා හිරු ටී වී වැඩසටහනකට සිය පවුලේ ඥාතීන් සමගද සම්බන්ධ වුණා. මේ එහි අවස්ථාවක්.

[MP3]s59967_1[/MP3]

මේ අතර අභාවප්‍රාප්ත එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධනට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කළා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදියි.

[MP3]s59967_2[/MP3]

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධනගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පසුව දැනුම්දෙන බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.