13 ගැන නිදහස් පක්ෂයේ මතය අපිවත් දන්නේ නෑ - ජානිපෙ.

Thursday, 30 May 2013 - 18:59

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99.


උතුරේ යුද්ධයෙන් අවතැන් වූවන් ඡන්ද නාමලේඛණයේ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ මත විමසුම ලබන 04 වැනිදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීරණය කළා. යුද්ධයෙන් අවතැන් වූ උතුරේ පුද්ගලයින්ගේ නම් ඡන්ද නාමලේඛණයට ඇතුළත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. ඒ සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122, එක වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න පිළිබඳව මතය දැන ගැනීම සඳහායී ජනාධිපතිවරයා විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇත්තේ.

මේ අතර, අද පැවති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සභා ඡන්දය ගැන ජාතික නිදහස් පෙරමුණ අදහස් පළ කළා. ඔවුන් කියා සිටින්නේ පවතින පළාත් සභා ක්‍රමය යටතේ එම ඡන්දය නොපැවැත්විය යුතු බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා ක්‍රමය ගැන දරන මතය තමන්වත් නොදන්නා බව මාධ්‍ය හමුවට එක්වු ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක පැවසුවා.

[MP3]s59987_1[/MP3]    

යුද්ධයෙන් උතුර වෙන්කර ගත නොහැකි වූ අවස්ථාවක, ඡන්දය හරහා එය සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

[MP3]s59987_2[/MP3]                         

මේ අතර, කොළඹ අද (30) පැවති සමුළුවකදී පළාත් සභා ක්‍රමය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත මෙලෙස අදහස් පළ කළා.
 
[MP3]s59987_3[/MP3]