ජනපතිගේ සිව් දින චීන සංචාරය අවසන්.

Thursday, 30 May 2013 - 19:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

පාරිසරික ගැටළුවලට ගන්නා විසඳුම් සැමවිටම සාධාරණ හා අපක්ෂපාතී විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ විශේෂ සැසිවාරය චීනයේ - ෂියෑං හිදී අද (30) අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. වත්මන් පාරිසරික අර්බුද කාර්මික රටවල අධි පාරිභෝජනය හේතුවෙන් උද්ගතවූවක් බවත්, සංවර්ධනය වන රටවල් මෙම තත්ත්වය නිර්මාණය කිරීමට දායක නොවූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර, චීන උප ජනාධිපති ලී යුවන්ෂාවෝ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද ද්විපාර්ශවික සාකච්ජාවක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා - චීන මිතුදම උපාය මාර්ගික සහයෝගීතාවයක් දක්වා වර්ධනය වී ඇති බවයි එහිදී චීන උප ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසද චීන උප ජනාධිපතිවරයාට ආරාධනාවක්ද සිදුකළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිව් දින චීන නිල සංචාරය අදින් අවසන් වනවා.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙන එන එහි සිටින ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයනාන්ද හේරත්.
 
[MP3]s59989[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More