අල්ලස් ගත් දිසා විනිසුරු සුනිල් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරයට.

Thursday, 30 May 2013 - 19:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

නඩුවක පැමිණිලිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 03 ක අල්ලසක් ලබාගන්නා ලදැයි අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (30) රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ, ලබන ජුනි 03 වැනිදා දක්වායී.

හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ අල්ලස් මුදල ලබාගැනීම සඳහා අදාළ පැමිණිකරුගේ හංවැල්ලේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදීයි. අල්ලස් ගැනීමට තැත්කිරීමේදී අත්අඩංගුවට පත්වු පළමු දිසා විනිසුරුවරයා මොහු බවයි අල්ලස් කොමිසම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. අදාළ පැමිණිලිකරුට වාසිදායක වන අයුරින් නඩුවක් විභාග කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි දිසා විනිසුරුවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කළේ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේදීයි. එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, කොන්දේ පවතින ආබාධයක් නිසා ජාතික රෝහලට ඇතුළත් කරන ලෙසද නියෝග කෙරුණා.