තායිලන්ත අගමැතිනිය අද දිවයිනට.

Friday, 31 May 2013 - 8:00

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.


දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි යින්ග්ලූක් ෂිනවත්‍රා අද (31) දිවයිනට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන තායිලන්ත අගමැතිනිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. තායිලන්ත අගමැතිනිය අද පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙතට ද පැමිණීමට නියමිතයි. එහිදී ඇය පාර්ලිමේන්තු සභාව අමතනු ඇති. මීට පෙර යින්ග්ලූක් ෂිනවත්‍රාගේ සහෝදරයා වන හිටපු තායිලන්ත අගමැති තක්ෂීන් ෂිනවත්‍රා ද 2002 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී පාර්ලිමේන්තු සභාව අමතනු ලැබුවා. පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව තායිලන්ත අගමැතිනිය මහනුවර බලා පිටත්ව යාමට නියමිත අතර,  එහිදී මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතව තිබෙනවා.



සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවූ මිදිගම හෙල්ලූ හරක් කටාගේ පැටිකිරිය එළියට
Thursday, 04 June 2020 - 9:33

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවූ මිදිගම හෙල්ලූ හරක් කටාගේ... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More