ජනපති යලි දිවයිනට.

Friday, 31 May 2013 - 8:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිව් දින චීන නිල සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. පසුගිය ඉරිදා ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස චීනය බලා පිටත්ව ගිය අතර, එම සංචාරයේදී ශ්‍රී ලංකාවට වැදගත් වන ද්වීපාර්ශවීය ගිවිසුම් කිහිපයකට ද එළඹුණා. එමෙන්ම, චීන ජනාධිපති ෂී ජින් පින්ග්, උප ජනාධිපති ලී යුවන්ෂාවෝ සහ චීන අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡා අතිශය සාර්ථක වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. එමෙන්ම, ඊයේ ජනාධිපතිවරයා ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ විශේෂ සැසිවාරය ද අමතනු ලැබුවා. එහිදී ප්‍රකාශ කළේ පාරිසරික ගැටළුවලට ගන්නා විසඳුම් සැමවිටම සාධාරණ හා අපක්ෂපාතී විය යුතු බවයි. ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙන එන එම සංචාරයට එක්වූ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයනාන්ද හේරත්.

[MP3]s60018[/MP3]