දිවයිනේ දකුණු අර්ධයට දිනය පුරා වැසි සමග සුළං.

Friday, 31 May 2013 - 13:25

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ පළාත් රැසකට අද (31) දිනය පුරා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම, පුත්තලම, කුරුණෑගල, මාතලේ සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද වැසි ඇතිවිය හැකියි. වැසි සමඟ එම ප්‍රදේශවලට තද සුළං ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.

[MP3]s60040_1[/MP3]                                                        

ඊයේ රාත්‍රියේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතිව්පත්තු සහ මන්මුඬේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 35 කට අර්ධහානි සිදුවුණා. දැනට පවතින වැසි හේතුවෙන් කොළඹ - පිටකොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වැසි ජලයෙන් පිරී පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරල් ලාල් කුමාර සඳහන් කළේ.

[MP3]s60040_2[/MP3]

rn

කොළඹ නගරයට ඇදහැලෙන වැසි හේතුවෙන් මාර්ග රැසක් අද උදෑසන සිට ජලයෙන් පිරී පැවති බව ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය ප්‍රකාශ කළා. එලෙස, ජලය පිරී පැවතුණේ ආමර් වීදිය, ඉගුරුකඬේ හන්දිය, යූනියන් පෙදෙස, හෝර්ට්න් වටරවුම, කොල්ලූපිටිය - උත්තරානන්ද මාවත, තුන්මුල්ල මංසන්ධිය, කොම්පඤ්ඤවීදිය, මැලේ වීදිය සහ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් දිවෙන මාර්ගවලයි.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More