නැවත පදිංචි කිරීම් ගැන දෙමළ සන්ධානයට ගැටළු.

Saturday, 01 June 2013 - 7:55

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94.

මානුෂීය මෙහෙයුමෙන් අනතුරුව අවතැන් කඳවුරුවල රැදී සිටි සියලූම පුද්ගලයන් යළි පදිංචි කර ඇති බව ලක් රජය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළා. එහි පැවැති සැසියකදී ශ්‍රී ලංකා නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළ බවයි එක්සත් ජාතීන්ගේ මාධ්‍ය වාර්තා කියා සිටියේ. පුද්ගලයින් දෙලක්ෂ 95,873 දෙනෙකු ඒ අනුව යළි පදිංචි කර තිබෙනවා.

 

මේ අතර, 2013 මාර්තු අවසන් වන විට පවුල් දෙලක්ෂ 27,044ක පුද්ගලයන් හත්ලක්ෂ 67,230 දෙනෙකු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල යළි පදිංචි කර තිබෙනවා. ඔවුන් යුධමය කාලසීමාව තුළ තම ගම්බිම් අතහැර ගිය අයයි. වව්නියාව - මැණික්ෆාම් කඳවුරේ සිටි අවතැන්වූවන් නැවත පදිංචිකිරීම තිරසාර සාමයක් අත්කර ගැනීම සඳහා ගන්නා ලද යහපත් ක්‍රියාමාර්ගයක් බව ද ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා නියෝජිතයන් පෙන්වා දී තිබෙනවා. අවතැන්වූවන් සියල්ල නැවත පදිංචිකිරීම සඳහා උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිසි අයුරින් සිදුවිය යුතුයි. ඒ අනුව තවත් වර්ග කිලෝමීටර් 96ක පමණක් බිම් බෝම්බ ඉවත් කිරිමට ඉතිරිව ඇති බව ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කළා.

 

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දක්වන්නේ වෙනත් ස්ථාවරයක්. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා.

 

[MP3]s60053_1[/MP3]                                                                          

 

මේ අතර, දෙමළ ජාතික සන්ධානය පිළිබදව ජාතික නිදහස් පෙරමුණ ඊයේ (31) නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්ගෙන් විමසීමක් කළා.

 

[MP3]s60053_2[/MP3]