දෙමළ ඩයස් පෝරාව ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්.

Saturday, 01 June 2013 - 7:57

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ජාත්‍යන්තර ජාලය පසුගිය 2012 වසර පුරා අඛණ්ඩව මෙහෙයුම් දියත් කර ඇති බව ඇමරිකාව පවසනවා. එහිදී මුදල් එක්රැස් කිරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදුකර ඇති අතර, සරණාගත කඳවුරුවල සිටින පුද්ගලයන් ඒවායෙන් ඉවත් කොට මිනිස් ජාවාරම සඳහා යොදා ගැනීමේ එල්.ටී.ටී.ඊ. ප්‍රයත්නයන් උත්සන්න වීමක් ද දැකිය හැකියි. සහන සංවිධාන මුවාවෙන් මුදල් එක්රැස් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ජාත්‍යන්තර සබඳතා සහ දෙමළ ඩයස් පෝරාව යොදාගෙන තිබෙනවා. උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ පැතිරී සිටින දෙමළ ඩයස් පෝරාව සිය සැපයුම් එක්රැස් කිරීම පසුගිය වසර පුරා දිගටම සිදුව ඇති බවයි ඇමරිකාව පවසන්නේ. ත්‍රස්තවාදය පිළිබද 2012 වසරේ ඇමරිකානු වාර්ෂික වාර්තාව ඊයේ නිකුත් කෙරුණු අතර, එහි මෙම කරුණු සදහන්. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද පරිපූර්ණ සහ ප්‍රබල පියවර තුළින් 30 වසරක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කිරීමට හැකිව ඇති බවත් එහි දැක්වෙනවා.



පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල
Wednesday, 27 May 2020 - 13:12

පේදුරුතුඩුව - වල්ලිපුරම් - බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස්... Read More

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ගැන එජාපයෙන් නිවේදනයක්
Wednesday, 27 May 2020 - 12:45

වෙනත් පක්ෂයක් හරහා මහා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කළ... Read More

නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වත්තේදී ඊයේ සොයාගත් වදවීමේ... Read More