තායිලන්ත අගමැතිනිය දළදා සමිඳුන් වැද පුදා ගනී.

Saturday, 01 June 2013 - 8:03

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අගමැතිනී යින්ග්ලූක් ෂිනවත්‍රා ඊයේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදා ගත්තා. ඊයේ (31) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි තායිලන්ත අගමැතිනිය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරයා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිළිගනු ලැබුවා. එහිදී අගමැතිනිය දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව දළදා මාළිගා මහ මළුවේ පැවැති මල්වතු - අස්ගිරි උභය විහාර උපසම්පදා උත්සවයකට ද එක්වුණා. ඉන් අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාවගේ ආරාධනයෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද තායිලන්ත අගමැතිනී යින්ග්ලූක් ෂිනවත්‍රා සහභාගි වී තිබෙනවා. එම රාත්‍රී භෝජන සංග්‍රහයට දේශපාලන නායකයින් ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ. තායිලන්ත අගමැතිනිය අද (01) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට නියමිතයි.



මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත්හළ නොහැකියි - ජනපති
Thursday, 28 May 2020 - 21:52

කොවිඩ් - 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු... Read More

ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

කාවින්ද ගැන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන්න හරීන් CCDයට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:50

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන... Read More