ඉන්දීය ධීවර ආක්‍රමණය නැවතත් අද සිට.

Saturday, 01 June 2013 - 12:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

තමිල්නාඩු ධීවරයන් සඳහා පැනවුණු දින 45ක මත්ස්‍ය අභිජනන සීමා කාලය නිමාවීමත් සමග ඔවුන් අද (01) නැවතත් මුහුදු තීරයට පිවිසෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා එම තහනම ඉවත් වුවද සම්ප්‍රදායක් වශයෙන් ඔවුන් ධීවර කටයුතු ආරම්භ කරන්නේ සෙනසුරාදාවකයි. ඒ අනුව තමිල්නාඩු ධීවරයන් අද පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතු ආරම්භ කරන අතර, ඔවුන් සුපුරුදු ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කිරීමේ අවදානමක් ද පවතිනවා. ඉන්දීය ධීවරයන් එලෙස මුහුදු තීරය ආක්‍රමණය කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් දූපත ආසන්නයේ රැකවල් තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරියගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ එලෙස නව විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එහෙත් සාමාන්‍ය පරිදි ඉන්දු - ලංකා මුහුදු සීමාවේ ආරක්ෂක මුර සංචාර ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියා. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීම උතුරේ ධීවරයන් ද මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක්. ඔවුන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත කොල්ල කන අතරම උතුරේ ධීවරයන්ගේ දැල් ආම්පන්න ආදිය විනාශ කිරීම ද ඊට හේතුවයි. උතුරේ කොරල්පර තීරයට ද ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලින් සිදුවන්නේ දැඩි හානියක්.



බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More