චීන සබඳතාව ඥාතියාට ගැටළුවක් නොවේ.

Saturday, 01 June 2013 - 12:52

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඥාතියා මෙන්ම සමීපතම මිතුරා බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පවසනවා. චීනය සමග පවතින සමීප සබඳතා ඉන්දු - ලංකා සබඳතාවලට කිසිඳු ආකාරයේ බලපෑමක් සිදුනොකරන බවයි මහකොමසාරිස්වරයා අවධාරණය කළේ. නවදිල්ලියේ දී විදේශීය වාර්තාකරුවන්ගේ සමාජය අමතමින් මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව අතහැර චීනය සමගවත් චීනය හැර ඉන්දියාව සමගවත් සබඳතා ගොඩනැගීම ශ්‍රී ලංකාවේ අරමුණ නොවන බවයි. අතීත ඥාති සබඳතා සහ සමීප මිතුරුදම හේතුවෙන් ඉන්දු - ලංකා සහයෝගීතාවය ඉතා ශක්තිමත් ලෙස පවතින බවයි ඔහු අවධාරණය කළේ. එම සබඳතාව කලාපයේ සහ සමුද්‍රීය ආරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් පෙන්වා දෙනවා. චීනය සමග සබඳතා මෙරට සංවර්ධනය සඳහා වැදගත් වනවා. එහෙත් චීනය සමග පවතින සබඳතාවය කලාපයේ සාමය සහ ආරක්ෂාවට බලපාන උපක්‍රමීය සමබරතාව බිද හෙලීමට හේතුවන්නේ නැහැ. ඉන්දියාව යම්හෙයකින් දුෂ්කරතාවකට පත්වන්නේ ද ශ්‍රී ලංකාවට ද එය ඍජුවම බලපානවා. එහෙයින් ශ්‍රී ලංකාව, ඉන්දියාව අපහසුතාවට පත් කිරීමට කිසි ලෙසකින් හෝ කටයුතු නොකරන බවයි මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.