අටපිරිකර සහ පූජා භාණ්ඩ නිසි ප්‍රමිතියකට යටත් කරන්න - ජනපති.

Saturday, 01 June 2013 - 18:59

%E0%B6%85%E0%B6%A7%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

අටපිරිකර ඇතුලූ සියලූම පූජා වස්තු නිසි ප්‍රමිතියකට යටත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අටපිරිකර සැකසීම සහ අලෙවි කිරීම සඳහා විනයානුකූල සහ නීතිත්‍යානුකූල ක්‍රමවේදයක් ඇරඹීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

අද (01) උදෑසන ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ  උන්වහන්සේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබෙනවා. විශේෂයෙන් අටපිරිකර ඇතුලූ පූජා වස්තු වෙළඳ පොලේ තවත් එක් භාණ්ඩයක් බවට පත්වීමේ තත්ත්වය වළක්වාලමින් පූජා වස්තුවකට හිමිවිය යුතු ගෞරවය සහ භක්තිය ආරක්ෂා කරමින් එය වෙළඳ පොල තුළ පවත්වාගෙන යෑමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත නව ගුවන් පථය ඉදිකිරීමට සුදුසු ස්ථානයක් අද (01) උදෑසන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. මහනුවර - රන්දෙණිගල මාර්ගයේ තැන්නෙකුඹුර ප්‍රදේශයේ පශු සම්පත් මණ්ඩල ගොවිපල අසලින් දිවෙන මාර්ගය තුළ ගුවන් පථය ඉදිකිරීමේ හැකියාව මේ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්වුණා. පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මෙම බිම්කඩ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ඉදි කෙරෙමින් පවතින මහනුවර - දිගන ක්‍රීඩා සංකීර්ණයද ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ නිරීක්ෂණය කළා. මෙහි මූලික අදියරයේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 212 ක් වෙන්කර තිබෙනවා.

මේ අතර දෙදින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත අගමැතිනී යින්ග්ලූක් ෂිනවත්‍රා අද (01) පස්වරුවේ නැවතත් දිවයිනෙන් නික්මුණා. තායි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් තායිලන්ත අගමැතිනි යින්ග්ලූක් ෂිනවත්‍රා ඇතුළු පිරිස අද පස්වරු 1.35 ට කටුනායක ගුවන්තොටුපලෙන් නික්මුණු බව හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා. තායි අගමැතිනිය ඊයේ මහනුවරට පැමිණ දළදා වහන්සේ වැද පුදා ගත් අතර අද උදෑසන මල්වතු මහා විහාරය සහ අස්ගිරි මහා විහාරයේ දී එම මහනායක හිමිවරුවන් බැහැ දුටුවා. සිය සංචාරයේදී තායි අගමැතිනිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ලක් රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවල නිරත වුණා.



පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 357 දක්වා ඉහලට
Thursday, 28 May 2020 - 18:13

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත්... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 28 May 2020 - 18:10

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

බෙල්ජියමේ සිට මත්තලට පැමිණි ගුවන් යානයේ සිටි 43ක් ගාල්ල වරායට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 17:58

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට නෞකා කාර්යමණ්ඩල සාමාජිකයන්... Read More