සබරගමුවේ සිසුන් 6 ක් අත්අඩංගුවේ - පොලීසියේ 12 කටත් තුවාල.

Saturday, 01 June 2013 - 19:08

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

විභාග අයිතිය ලබාදීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි සිදුකළ විරෝධතාව පොලීසිය මැදිහත්ව අද (01) දහවල් විසුරුවා හැරියා. මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවීම හේතුවෙන් මගී ජනතාවට පීඩා සිදුවීම නිසා ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළ බවයි පොලීසිය කියා සිටියේ. එහිදී පොලීසිය සහ සිසුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

[MP3]s60105_1[/MP3]

කඳුළු ගෑස් යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් 12 දෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු ද තුවාල ලැබූ බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ.

[MP3]s60105_2[/MP3]

කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ විරෝධතාවයේ නිරතව සිටි සිසුන්ට විසඳුම් ලබාදෙනවා වෙනුවට ඔවුන්ට පහරදී ඇති බවයි.

[MP3]s60105_3[/MP3]

මේ අතර, හිරු ප්‍රවෘත්ති අංශය උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසීමක් කළා.

[MP3]s60105_4[/MP3]

එමෙන්ම උපවාසයේ නිරතවූ සිසුන්ටද ඉදිරියේදී දඬුවම් ලබාදෙනු ඇති බවයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.

[MP3]s60105_5[/MP3]

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් සිසුන් වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම එම සිසුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ.

[MP3]s60105_6[/MP3]
 
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය යළි පිහිටුවීම සහ එම විශ්වවිද්‍යාලයේ පන්ති තහනම් කළ ශිෂ්‍යයන් පස්දෙනෙකුගේ විභාග අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය මැයි මස 23 වැනිදා සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුව සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඊට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිසුන් හතරදෙනෙකු උපවාස ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ පසුගිය 30 වැනිදායි. ඊයේ දිනයේ එය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කළ ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.