13 ගැන තවම අවසන් තීන්දුවක් නැහැ. සන්ධානය කියයි.

Sunday, 02 June 2013 - 7:43

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

13 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් විසඳුමක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළා. එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පුළුල් සාකච්ජාවකින් අනතුරුව ජනාධිපතිවරයා සුදුසු තීරණය ගනු ඇති බවයි.

13 වන සංශෝධනය පිළිබඳ කතාබහ යළි කරළියට පැමිණෙන්නේ උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමගයි. ඒ පිළිබඳව දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කළා. ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ එහි ඉඩම් සහ පොලිස් බලතල සංශෝධනය විය යුතු බව තරයේ ප්‍රකාශ කරනවා. විපක්ෂය සඳහන් කරන්නේ ආණ්ඩුව සුළු පක්ෂ ලවා තම අරමුණ ඉටු කරවා ගැනීමට උත්සාහ කරන බවයි. මේ සියලූ චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසීමක් කළා.

[MP3]s60115_1[/MP3]

පුළුල් සංවාදයකින් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
 
[MP3]s60115_2[/MP3]