සබරගමුව සිසුන් නිදහස් කරන්න. ජවිපෙ

Sunday, 02 June 2013 - 8:20

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99

අත්අඩංගුවට ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් වහා නිදහස් කිරීමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කිරීමටද බලධාරීන් පියවර ගත යුතු බවයි.

[MP3]s60117_1[/MP3]

පන්ති තහනමට ලක්වු සිසුන් 05 දෙනෙකුට විභාග අයිතිය ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පසුගිය 23 වැනිදා සිට සත්‍යග්‍රහයක නිරත වූවද, ඊට බලධාරීන්ගෙන් ප්‍රතිචාර නොලැබුණු නිසා සිසුන් 04 දෙනෙකු මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළා. පසුව ඊයේ    කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි සිසුන් විරෝධතාවයක් දැක්වු අතර ඊට කඳුළුගෑස් එල්ල කරමින් පොලිසිය එය විසුරුවා හැරියා. උපවාසයේ යෙදුණු සිසුන් 04 දෙනා ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ බලංගොඩ රෝහලටයි.

ඊයේ ඇතිවු ගැටුමේදී පොලිස් නිලධාරීන් 12 දෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුන් 06 දෙනෙකු ද තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළා. සිසුන් 06 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගත් බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ.

කෙසේ වෙතත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙවැනි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට වගකිව යුත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා.

[MP3]s60117_2[/MP3]

අමාත්‍යවරයා නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s60117_3[/MP3]



කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100000 ඉක්මවයි
Tuesday, 26 May 2020 - 22:12

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස්... Read More