ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ සීතා දොවොලක්.

Sunday, 02 June 2013 - 12:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9C%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.


භාරතීය ජනතා පක්ෂයට බලය හිමි ඉන්දීය මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිව්රාජ් සිං චව්වාන් ශ්‍රී ලංකාවේ සීතා දෙවොලක් ඉදිකිරීම සඳහා පවතින සිය සැළසුම් ඊයේ (01) හෙළිදරව් කළා. ගව්ලියර් හි පැවති සිය පක්ෂයේ තුන්දින සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ මීළඟ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් සීතා දෙවොල ඉදිකිරීම අනිවාර්යයෙන් සිදුකරන බවයි. ලක් රජයේ අනුමැතිය ඇතිව දයානන්ද් භාරය හරහා  ශ්‍රී ලංකාවේ සීතා දෙවොල ඉදි කරන බව මධ්‍ය ප්‍රදේශ් මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. භාරතීය ජනතා පක්ෂ සමුළුව ඊයේ ආරම්භ වූයේ එළැඹෙන ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ සැප්තැම්බරයේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචි විහාරයේ බෞද්ධ අධ්‍යයන විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට පැමිණි අවස්ථාවේදී තමන් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ බවයි ප්‍රධාන අමාත්‍ය සිව්රාජ් සිං චව්වාන් ප්‍රකාශ කළේ. සීතා දේවිය සිය පවිත්‍රතාව පෙන්නුම් කිරීම සඳහා අග්නි පරීක්ෂාවට ලක් කෙරුණු දිව්රුම්පොල ප්‍රදේශයේ සීතා දෙවොල ඉදිකිරීමටයි ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් රජය සැලසුම් කර ඇත්තේ.