සිරියාවට එරෙහිව බ්‍රිතාන්‍යය ගෙනා යෝජනාව රුසියාව නවතයි.

Sunday, 02 June 2013 - 13:18

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

කුසායිර් නගරයේ කැරළිකරුවන් වටකර සිටින ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා හෙළා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඊයේ පරාජයට පත්වුණා. ඒ, රුසියාව ආරක්ෂක මණ්ඩලයේ සිය නිෂේධ බලය භාවිත කිරීමෙන්. කුසායිර් නගරයේ ගැටුම්වලින් සිවිල් වැසියන් දැඩි අනතුරකට ලක්වන බැවින් එහි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යයයි. රුසියාව කියා සිටියේ කුසායිර් නගරය කැරළිකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලය නිහඩව සිටි බැවින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවයි. ලෙබනන දේශසීමාව ආසන්නයේ පිහිටි - කුසායිර් නගරය ජනාධිපති අසාද්ගේ හමුදාවලට මෙන්ම කැරලිකරුවන්ට ද අවි ආයුධ සහ සැපයුම් ලබා ගැනීමට වැදගත්. ලෙබනනයේ - හිස්බුල්ලා සටන්කාමීන් ද කුසායිර් සටනේදී ජනාධිපති ආසද්ගේ හමුදාව සමඟ එක්ව සිටිනවා.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More