දොස්තර ජයලත් ජයවර්ධන දැයෙන් සමුගනී.

Sunday, 02 June 2013 - 18:59

%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන අද (02) දැයෙන් සමු ගත්තා. ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ජාඇල - වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව්මැදුරේදියි. අභාවප්‍රාප්ත වන විට දොස්තර ජයලත් ජයවර්ධන 59 හැවිරිදි වියේ පසුවුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජාඇල පිහිටි ඔහුගේ නිවසට විශාල පිරිසක් අද (02) දිනයේ ද පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන ඉකුත් මාස කිහිපය තුළ දී හෘද රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගත්තේ සිංගප්පූරුවේ රෝහලකින්. එම ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර පසුගිය 29 වන දා සිංගප්පුරුවේ දී මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්වුණා. අද (02) පැවැති අවමංගල්‍ය උත්සවය සඳහා දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් රැසක් එක්ව සිටියා. එම අවස්ථාවට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග. මේ එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

rn

[MP3]s60161[/MP3]



මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම  (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:08

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව මුල් රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 14:02

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977ක් වාර්තා... Read More

මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Monday, 25 May 2020 - 13:58

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා... Read More