පොලිස් අත්අඩංගුවෙන් පසු සැකකරුවෙකු මරුට.

Monday, 03 June 2013 - 8:12

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

හබරාදූව පොලීසිය විසින් සිදුකළ පහරදීමකින් ගාල්ල - නුගදූව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ඔවුන්ගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බුද්ධි චානක පියරත්න නැමති 28 හැවිරිදි දෙදරු පියෙක්. මොහු  සොරකමක් සම්බන්ධයෙන් පසුගිය මැයි 14 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. ඉන් අනතුරුව මැයි 31 වැනිදා මියගිය පුද්ගලයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව දින 10 කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා. පසුව බන්ධනාගාරයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මොහු ඇතුළත් කෙරුණේ ගාල්ල - කරාපිටිය රෝහලටයි.

කෙසේ වෙතත් මොහු ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්වී තිබුණා. ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ හබරාදූව පොලීසියේදී මොහුට අමානුෂික ලෙස පහරදී ඇති බවයි. මේ හේතුව නිසා ඔහු මියගිය බවයි ඔහුගේ බිරිඳ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

[MP3]s60175[/MP3]
 
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ගාල්ල - කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (03) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More