අධික වර්ෂාවෙන් රටවල් හතරකට බලපෑම්.

Monday, 03 June 2013 - 8:46

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.


 
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් නිසා ඔස්ටි‍්‍රයාව, ස්විසර්ලන්තය, ජර්මනිය සහ චෙක් ජනරජයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඒ හේතුවෙන් චෙක් ජනරජය මේ වනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම අයහපත් කාලගුණ තත්ත්වය චෙක් ජනරජයේ දකුණු ප්‍රදේශයට වැඩි වශයෙන් බලපා ඇති අතර ගමනාගමන කටයුතු සහ විදුලි සැපයුමට බාධා එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. ඔස්ටි‍්‍රයාවේ පුද්ගලයින් තුන්දෙනෙකු සහ චෙක් ජනරජයේ පුද්ගලයින් දෙදෙනකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.