පොලිසියට පහරදී දින 7 යි. - ඇඹිලිපිටිය ප්‍රා.ස.සභාපති නිදැල්ලේ.

Monday, 03 June 2013 - 13:18

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+7+%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A.

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහර දී සතියක් ගත වුවත්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඇඹිලිපිටිය - දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට මොහු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම පහරදීම සිදුකර තිබුණේ පසුගිය 27 වැනිදායි. බලපත්‍ර නොමැතිව පුද්ගලයින් තුන් දෙනෙකු රැගත් යතුරුපැදියක් ඇඹිලිපිටිය - වළල්ගොඩ ප්‍රදේශයේදී පරීක්ෂා කළ පනාමුරේ පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් නිලධාරින් තිදෙනා පසුව, දඩුහැතැක්ම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී මෝටර් රථයකින් පැමිණි සභාපතිවරයා බැන තර්ජනය කර තමන්ට පහරදුන් බවයි පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරින් දෙදෙනා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට නොගෙනීම සහ පොලිසියට එල්ල වන මෙවැනි ප්‍රහාර පිළිබඳව ද මේ දිනවල දේශපාලන වේදිකාවේ ද විවිධ අදහස් පළ වනවා. මේ පසුගියදා පැවති රැස්වීමකදී, අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී.ලාල්කාන්ත.

[MP3]s60202_1[/MP3]

කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක දැක්වූ අදහසයි මේ.

[MP3]s60202_2[/MP3]    

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් සහ පොලිසිය අතර, පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ද ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක.

[MP3]s60202_3[/MP3]             

එල්ල වන මෙම චෝදනා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම, වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන්. ඔහු කියා සිටියේ පහරදීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවයි.
 
[MP3]s60202_4[/MP3]                                 



මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුට පොදුජන පෙරමුණෙන් චෝදනා
Monday, 25 May 2020 - 13:15

මැතිවරණ පැවැත්විය නොහැකිවන ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 55 පනී, බ්‍රසීලයේ සිට පැමිණෙන්නන්ට ඇමරිකාවෙන් තහංචි
Monday, 25 May 2020 - 13:13

බ්‍රසීලයේ සිට පැමිණෙන තම පුරවැසියන්ට හැර අනෙකුත් පුද්ගලයන්ට... Read More

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩූ 1,710ක් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 13:09

අද (26) උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය... Read More