වරාය ගින්නට හේතුව ඇමති රෝහිත කියයි.

Monday, 03 June 2013 - 18:54

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

කොළඹ වරායේ සී.එෆ්.එස්. 01 ගුදම තුළ ගින්න ඇතිවීමට හේතුව අන්තරාදායක රසායනික ද්‍රව්‍යයක් බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව වරාය ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. මෙම ගින්න සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. තමන් ආනයනය කළේ අන්තරාදායක රසායනික ද්‍රව්‍යයක් බව ඒවා ගෙන්වූ ආයතනය රේගුවට දැනුම් දී නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේ දැනුම් දුන්නේ නම් එය අන්තරාදායක භාණ්ඩ ගබඩා කරන ගුදම තුළ ඒවා ගබඩා කිරීමට හැකියාව තිබූ බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. ඒ අනුව මෙම ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළා.

[MP3]s60226_1[/MP3]                                                                                                      

පසුගිය 24 වන දා අලූයම වරායේ සී.එෆ්.එස්. 01 ගුදමේ ගින්නක් හට ගත් අතර, එහිදී එහි ගබඩා කර තිබූ විද්‍යුත් උපකරණ, සුවද විලවුන්, පාවහන්, නිමි ඇදුම් ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අමාත්‍යවරයා අද කියා සිටියේ එම භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 556ක් බවයි. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, පසුගිය දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම ගින්න සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පළ කළා.

[MP3]s60226_2[/MP3]                                                                                                           

කෙසේ වෙතත්, අද (03) පැවැති මාධ්‍ය හමුවේදී වරාය ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධයෙන් අභියෝගයක් එල්ල කළේ මෙලෙසින්.
[MP3]s60226_3[/MP3]



මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Monday, 25 May 2020 - 13:58

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා... Read More

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:50

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව... Read More

එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More